Monday, February 22, 2010

Mozilla Firefox


Mozilla යනු සම්ප්‍රදායික මෘදුකාංග නිෂ්පාදන ආයතයක් නොවේ. අපි ලොව වටා සිටින පරිශීලකයන්ගේ සබැඳි අත්දැකිම් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය නිදහස්, විවෘත කේත මෘදුකාංග නිෂ්පාදන සහ තාක්‍ෂණය නිර්‍මාණයට කැපවූ ගෝලීය ප්‍රජාවකි. අපි වෙබ් විවෘත හවුල් පොදු සම්පතක් ලෙසමටම පවත්වා ගැනීම සඳහා ක්‍රියා කරන ලොවපුරා විසිරි සිටින කේතරචකයින්, අලෙවිකරුවන්, පරීක්‍ෂකයින් සහ පක්‍ෂව කතා කරන්නන් වෙමු. විවෘත ප්‍රමිතීන් මගින් වඩාත් යෝග්‍ය මෘදුකාංග තෝරා ගැනීම සහ ඒ ආශ්‍රිත නවිකරණ කටයුතු සඳහා ඉඩ සලසමින් හැකියාව ලබා දේ. එය ඕනෑම පුද්ගලයෙකුට ඹ්නෑම තැනකදී උපරිම ආරක්ෂා‍වෙන් යුතුව වේගවත් හා වඩාත් සුදුසු ම අන්තර්ජාල හා සබැඳි අත්දැකිම් විඳීමට ඇති අයිතිය තහවුරු කරන බව ද අපි විශ්වාස කරන්නෙමු.

සම්මානලාභි, විවෘත කේත මෘදුකාංග නිෂ්පාදන සහ තාක්‍ෂණය නොමිලේ භාෂා 40කටත් අධික ප්‍රමාණයකින් ලොව වටා සිටින පුද්ගලයින්ට ලබා දේ.

Mozilla හි මූලස්ථාන ගොඩනැගිල්ල මවුන්ටන් විව්, කැලිපොනියා හි ද, ප්‍රාදේශිය කාර්‍යයාල ඕක්ලන්තය, බෙයිජින්ග්, කොප්න්හැගෙන්, පැරීසිය, ටෝකියෝව සහ ටොරොන්ටෝව ස්ථානවල පිහිටා ඇත.